මහවැලි ගඟේ පාවූ මළසිරුරු හඳුනාගැනේ

null

ඊයේ උදෑසන මහවැලි ගඟේ පාවෙමින් තිබී සොයාගැනුණු මළසිරුරු පොලිසිය විසින් ගොඩට ගන්නා ලදී. මේ වන විට ඉන් එක අයෙකුගේ මළසිරුර ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ.

ඔහු මාතලේ – තැන්න ප‍්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කැළුම් රත්නසිරි නවරත්න නමැත්තෙකුය. දරුණු ලෙස වකුගඩු රෝගයෙන් පෙලෙමින් සිටි මොහු සතිපතාම ප‍්‍රතිකාර ලබාගැනීම සඳහාද මහනුවර මහ රෝහල වෙත පැමිණ තිබෙ. තම රෝගය පිලිබඳ සිත්තවුලෙන් ඔහු සියදිවි හානි කරගත්තාද යන්න ගැන පොලිසිය සැක පල කරයි.

මෙම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට මීට දින 3 කට පෙර මාතලේ පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුනු බව වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

කෙසේවෙතත් අනෙක් මළ සිරුර මෙතෙක් හඳුනාගෙන නැහැ. ඔහුගේ වයස අවුරුදු 35ක් පමණ වනවා. මළ සිරුර හඳුනා ගැනීම සඳහා තවදුරටත් පොලිස් විමර්ශන කි‍්‍රයාත්මකයි.

අනන්‍යතාවය තහවුරු නොවූ පුද්ගලයාද වකුගඩු රෝගියෙකු විය හැකි බවට මහනුවර මහ රෝහලේ පැවති අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී එන්. ෂිවසුබ‍්‍රමනියම් නිගමනය කර ඇති බවට වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>