මහළු ගුරුවරිය මරා දුෂණය කල 17 හැවිරිදි තරුණයා

null

කිරිබත්කුඹුර, පිලපිටිය ප්‍රදේශයේ දී 74 හැවිරිදි කාන්තාවක‍ ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කාන්තාව පෙර පාසල් ගුරුවරියක වන අතර සැකකාර තරුණයා 17 හැවිරිදි පාසල් සිසුවෙකි.

ඝාතනයට ලක් වූ 74 හැවිරිදි පෙර පාසල් ගුරුවරිය සමඟ ඇති කර ගත් බහින් බස්වීමක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සැකකරු සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

මෙම තරුණයා ඝාතනයට ලක් වූ කාන්තාවගේ නිවසට නිතර පැමිණෙන අසල්වැසි තරුණයෙකු බව වාර්තා වන අතර පොලීසිය පැවසුවේ, අදාල කාන්තාව මුදල් සොරකමක් සම්බන්ධයෙන් ඇති වූ බැණ වැදීමක් හේතුවෙන් උරණ වූ 17 හැවිරිදි සැකකරු රෙදි පටියකින් අදාළ වයෝවෘද්ධ කාන්තාවගේ ගෙල සිරකර කර මරා දමා දූෂණය කර ඇති බව ය.

සැකකාර තරුණයා ඊයේ රාත්‍රියේ අත්ඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>