මහින්දගෙන් මෛත්‍රීට සුභපැතුම්

null

2015 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා දුරකතනයෙන් අමතා මෛත්‍රිපාල සිරිසේන මහතාට සුභපතා තිබේ.

එමෙන්ම නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලය ලබාදීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කර තිබේ.

ඒ අනුව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපති ලෙස ද, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැති ලෙස ද අද දිවුරුම් දෙනු ඇත.

වික්‍රමසිංහ මහතා අගමැති පදවියේ දිවුරුම් දීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති දිමු ජයරත්න ඇතුළු ඇමැති මණ්ඩලය ඉබේම අහෝසි වන අතර සිරිසේන මහතා සිය ඇමැති මණ්ඩලය පත්කිරීමට නියමිතය.

ජනපති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වනවාත් සමගම ආරක්ෂක ලේකම්වරයාත් ධුරයෙන් ඉවත්වන හෙයින් නව ආරක්ෂක ලේකම්වරයෙකු අද සවස පත්වෙනු ඇති බව අද පුවත් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>