මහින්දගේ ආරක්ෂක රථයක් අනතුරේ

null

ඇල්පිටිය – තල්ගස්පේ විද්‍යාලය අසලදී ඊයේ (01) දහවල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයට අයත් ජිප් රථයක, යතුරුපැදියක් ගැටීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් සහ තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අනතුරින් යතුරුපැදියේ පැදිකරු වන 24 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතල බැවින් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර යතුරුපැදියේ පසුපැදිකරු වන 32 හැවිරිදි කාන්තාව ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුව ගෙන ඇති අතර පිටිගල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>