මහින්දගේ දැන්වීම්වලින් ITN එකට කෝටි 11 පාඩුවක්

null

ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් විකාශය කළ දැන්වීම් වෙනුවෙන් මුදල් නොගෙවීම හේතුවෙන් ස්වාධීන රූපවාහිනියට (ITN) රුපියල් කෝටි 12 කට ආසන්න පාඩුවක් සිදුවී තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැන්වීම් ප්‍රචාරය නොකර ඉවත්කර ගැනීමෙන් මුදල් ආපසු ගෙවීමට සිදුවීම නිසා ද එලෙස පාඩුවී ඇති බව වාර්තා වේ.

එම සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාගැනීමට ITN හිටපු සභාපති හා නිලධාරීන් 10 දෙනෙකු බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවා ඇති බව අද පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

අදාළ නිලධාරීන්ට අද (31) පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇති බව කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසා ඇත.

ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව 2015 පෙබරවාරි හා මාර්තු මාසවලදී ස්වාධීන රූපවාහිනී ආයතනය ඇතුළත කළ අභ්‍යන්තර විගණන පරීක්ෂණයකදී හෙළි වූ තොරතුරු පදනම් කර ගනිමින් බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමට කළ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>