මහින්දගේ දොස් අරින්න පීකොක් මැදුරේ තටාකය ගොඩකරලා

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නුදුරේදීම කොළඹ පීකොක් මන්දිරයේ පදිංචියට ඒමට නියමිතව තිබේ. එම සුවිසල් මන්දිරය ව්‍යාපාරික ඒඑස්පී ලියනගේ මහතාට අයත් එකකි.

මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව ඔහුගේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා එම මන්දිරය ලබාදී ඇති අතර එම නිවස ලබාගැනීමෙන් පසු එය හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන කටයුතු සඳහා සුදුසුද නැද්ද යන්න පිළිබඳව ජ්‍යොතිෂඥයන් රාශියක් ගෙන්වා විටින් විට පරීක්ෂා කිරීම්වලට ලක්කර ඇත.

රාවය පුවත්පත සඳහන් කරන පරිදි එසේ පරීක්ෂා කිරීම්වලට ලක්කිරීමේදී ඉන්දීය ජාතික ජ්‍යොතිෂඥයෙක් ලබා දුන් උපදෙස් අනුව එම මන්දිරයේ ඇති පිිහිනුම් තටාකය අසුබ බව දැනුම් දී ඇති අතර එම අසුබ බව නැති කිරීම සඳහා පිහිනුම් තටාකය ගොඩකරන ලෙස දැනුම් දී තිබේ.

ඒඑස්පී ලියනගේ මහතාගේ පීකොක් මන්දිරයේ නිවැසියන් ජීවත් වන කොටස, අමුත්තන්ගේ කාමර, සේවකයන් ජීවත් වන කොටස හා රියදුරන් සඳහා වූ වෙනම ගොඩනැගිල්ලකින්ද සමන්විතව තිබේ.

පෙර පළවූ පුවත පහතින්…

මහින්දට ලැබෙන පීකොක් මැදුර මෙන්න

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>