08 Aug 2015
මහින්දගේ රැස්‌වීමකදී “හොරා” කියා හොඳටම ගුටි කයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (07) කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ සහභාගි වූ රැස්‌වීමකදී ‘හොරා’ යෑයි පවසමින් කලබල කළ පුද්ගලයකු පොල්පිතිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබුවේ ගල්ගමුව ගිරිබාව ප්‍රදේශයේ පුද්ගලයෙකි.
විශාල පිරිසක් සහභාගිවී සිටි මෙම රැස්‌වීමේදී හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්‌ත්‍රික් එක්‌සත් ජනතා නිදහස් සන්ධාන කණ්‌ඩායම් නායක මහින්ද රාජපක්‍ෂ මහතා වේදිකාවට ගොඩවන විටදී මෙම පුද්ගලයා ‘හොරා’ යෑයි පවසද්දී අසල සිටි පිරිස මොහුට පහරදීමට පටන් ගෙන තිබේ.
එම අවස්‌ථාවේදී පොලිස් නිලධාරීන් මැදිහත්වී මෙම පුද්ගලයාට පහරදීම වළක්‌වා ඔහු අත්අඩංගුවට ගෙන පොල්පිතිගම පොලිසිය වෙත රැගෙන යන ලදී.