01 Jul 2015
මහින්දගේ විශේෂ ප්‍රකාශය අද
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ පිහිටි සිය නිවසේදී අද (01) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ. ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට කියා සිටියේ පෙරවරු 11 යි 10ට හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකරන බවයි.
ඔහුගේ විශේෂ ප්‍රකාශය සඳහා මැදමුලනේ පිහිටි ඒ මහතාගේ නිවස මේ වන විට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මේ අතර රථ පෙළපාළියකින් මැදමුලනට යන මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් ඉදිරි මහමැතිවරණයට තරග කරන්නැයි මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් ක්ජරයි.
නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ රථ පෙළපාළියකින් පැමිණෙන මහජන නියෝජිතයින් සහ සෙසු ආධාරකරුවන් ගෞරවයෙන් පිළිගැනීමට ද තමන් සූදානමින් සිටින බවයි.