මහින්දට අගමැතිකම දීම පිලිබඳ කණගාටු වනවා
ඇමතිවරයෙකුව සිටි මහින්ද රාජපක්ෂට අගමැති ධුරය පිරිනමා ඔහුට ජනාධිපති පදවියට පත්වීමට අවස්ථාව සලසා දීම පිළිබද දැඩිව කණගාටු වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසා ඇත.
‘විශාල වශයෙන් කණගාටු වෙනවා. මම මැරෙන කල් කණගාටු වෙනවා. දුක් වෙනවා. ඒ වෙලාවේ මම ගත්තේ වැරදි තීරණයක්’ යනුවෙන් ඇය පවසා තිබේ.
බිබිසි පුවත් සඳහන් කරන පරිදි ජනාධිපතිවරණයෙන් පරාජය වී මහින්ද රාජපක්ෂ පදවිය හැර යාම ප්‍රතික්ෂේප කළහොත් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා පොදු විපක්ෂයට විශේෂ සැලසුමක් තිබෙන බවද ඇය ප්‍රකාශ කර තිබේ.
මේ අතර ඊයේ (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කලේ තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක ප්රභාකරන්ට ඉංග්‍රීසි භාෂාවෙන් මිස්ටර් යනුවෙන් ප්‍රකාශ කරන ලද්දේ ගැහැණියෙක් ද පිරිමියෙක් ද කියා හඳුනා ගැනීමට බවයි.
මිස්ටර් සහ මිසිස් යන වචන දෙක භාවිතා කරනු ලබන්නේ ගැහැණියකද පිරිමියෙකුද යන්න හඳුනා ගැනීමට බවත්, එසේ තමා ප්‍රකාශ කරන ලද්දේ උපහාසයට බවත් ඇය අවධාරණය කර ඇත.