07 Apr 2015
මහින්දට ඕනේ නම් ඇවිත් ඔළුව නමාගෙන වැඩකරන්න
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විනය අනුව කටයුතු නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීන්දුවක් ගනු ඇතැයි හිටපු ජනාධිපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
ඇය මේ බව ප්රකාශ කළේ, ඊයේ පස්වරුවේ ගම්පහ දිස්ත්රික්කයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ ක්රියාකාරීන් පිරිසක් අමතමින් ය.
එහිදී ඇය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණීමට උත්සහ දැරීම පිළිබඳවද අදහස් පල කර තිබේ.
“මහින්ද පැරදුණානම් යන්න ඕන නම්බුකාර විදියට, මම ගියා. මෙයා ආයෙ ඉල්ලනවා. අනේ මටත් ටිකක් දෙන්න. මොකක්ද මේ. වැඩ කරන්න ඕන නම් ඇවිත් ඔළුව නමාගෙන වැඩ කරන්න.
ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදිලා කියලා සමහරු කියනවා. අපේ පක්ෂය දෙකට බෙදිලා නැහැ..”