27 Apr 2015
මහින්දට ගේ දුන්නොත් නෝනා දික්කසාද වෙන බව කිව්වා
ඒ.එස්.පී.ලියනගේ මහතාට අයත් නාවල පීකොක් මන්දිරය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පදිංචිය සඳහා ලබාදීමට නියමිතව තිබුණි.
නොමිලේ ලබාදෙන බවට පැවසු එම මන්දිරයට මහින්ද රාජපක්ෂ මහතා ඒමට සියළු කටයුතු සුදානම් කරගත් අවස්ථාවේ මුදල් ගණුදෙනුවක තතු හෙළිවීම නිසා ඒ.එස්.පී.ලියනගේ මහතාව අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවට කැඳවන ලදී.
ඉන් අනතුරුව ඔහු ප්රකාශ කලේ පීකොක් මන්දිරය හිටපු ජනපතිට ලබා නොදෙන බවයි. මේ පිළිබඳව ලංකාදීප කල විමසීමකදී ඔහු ප්රකාශ කර ඇත්තේ තම බිරිඳගෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් එම තීරණය ගත බවයි.
“මගේ නෝනා කිව්වා පීකොක් මන්දිරය මහින්ද රාජපක්ෂ මහතාට දුන්නොත් මගෙන් දික්කසාද වෙනවා කියලා. මට මගේ බිරිඳ වගේම මගේ දරුවන්ට අම්මා කෙනෙක් ඕනෑ ඒ නිසා ඒ තීරණය වෙනස් කළා.” යනුවෙන් ඔහු ප්රකාශ කර තිබේ.