මහින්දට පීකොක් මැදුර නොලැබෙන ලකුණු

null

ඉඩම් ව්‍යාපාරික ඒ.එස්.පී.ලියනගේ මහතාට අයත් නාවල පීකොක් මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොලැබෙන ලකුණු පහළවී ඇතැයි වාර්තා වේ.

නක්ෂත්‍රකරුවන්ගේ උපදෙස් අනුව ඉඩමේ වස්දොස් ඇරීම සඳහා ඔහුගේ මන්දිරය ඉදිරිපිට නාන තටාකයද මුහුදු වැලි දමා ගොඩකැරිණි. උළුවහුද වෙනස්කර බහිරව පූජාද පවත්වා අද එහි යෑමට හිටපු ජනපති සූදානමින් සිටි බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් එම අදහස අත්හැර දමන්නට හදිසියේ තීරණය කර ඇති බව දැනගන්නට ලැබේ. එයට හේතුව වී ඇත්තේ නොමිලේ ලබාදෙන බව කියා සිටියත් පීකොක් මන්දිරය මිලියන 400 ක මුදලකට මහින්ද රාජපක්ෂට විකුණා ඇති බවට සැකකෙරෙන සාධක සහිත පැමිණිල්ලක් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබීමත් එතරම් විශාල ගනුදෙනුවක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් සිදුකරන්නට පුද්ගලික මුදල් ලැබුණ ආකාරය ගැන ගැටලූවක් මතුවීමත්ය.

මේ හේතුවෙන් අද (20) ඒඑස්පී ලියනගේ මහතාවද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රශ්න කිරීමට කැඳවා ඇත.

මෙයින් පසු කලබලයට පත් ලියනගේ මහතා මහින්ද රාජපක්ෂ මහතා මෙම නිවසට පැමිණීම ගැන සාකච්ඡා කර එය නතර කර ඇති බව වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>