මහින්දට මහ මැතිවරණයට තරග කිරීමට බාධාවක් නැහැ

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළැඹෙන මහ මැතිවරණයට තරග කිරීමට බාධාවක් නොමැති බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි අද පස්වරුවේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ජනාධිපතිවරයා සෙසු පක්ෂවල නායකයන් වෙත ඒ බව දැනුම් දී තිබේ.

මේ අතර ඉන්දියාවේ වෙබ් අඩවියක් වන ‘‘ද නිව් ඉන්ඩියන් එක්ප‍්‍රස්’’ වාර්තාවක් පළ කරමින් එම වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාපපක්‍ෂ මහතා දේශපාලනික වශයෙන් නැවතත් බලවත් වී ඇති බවයි.

මෛත‍්‍රීපාල සිරිසේන – රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා ප‍්‍රසාදය ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇති බවත්, වැදගත් කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිලි ස්ථාවරයක නොසිටීම මීට ප‍්‍රධාන හේතුව වී ඇති බවත් අදාල වාර්තාවේ දැක්වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>