මහින්දට මෙල්ල කරන්න බැරිවුණු මාව, විජයදාසට පුළුවන්ද?

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙල්ල කිරීමට නොහැකි වූ තමන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කෙසේ මෙල්ල කරන්නේ දැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රශ්න කරයි.

ඊයේ (06) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කර ඇත්තේ රුපියල් මිලියන 500ක වන්දියක් අධිකරණ අමාත්‍යවරයාට ගෙවීමට තමන් සූදානම් නොමැති බවයි. රුපියල් 50,000ක පඩියක් ගන්නා තමන් මිලියන 500ක් ගෙවන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් රුපියල් මිලියන 500ක මුදලක් වන්දි ලෙස ඉල්ලා නඩු පවරන බව ප්‍රකාශ කර තිබුණි.

ඒ පෙරේදා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාට එල්ල කළ චෝදනා හේතුවෙනි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>