මහින්දට මොළේ අමාරුවක් ඇති කියලා මම හිතන්නේ නෑ

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට තරම් මොළේ අමාරුවක් ඇතැයි තමන් නොසිතන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

ප්‍රශ්නය – මහින්ද රාජපක්ෂ මහතා බැරිවෙලාවත් ඉදිරි මැතිවරණයට ආවෝත් ඒ සම්බන්ධයෙන් මොකද කියන්නේ?

පිළිතුර – “බැරිවෙලා එන්නේ නෑ නේ. පුළුවන් වුණොත් නේ එන්නේ”.

ප්‍රශ්නය – එන්නැති එක විශ්වාසයි.

පිළිතුර – “මම හිතන් නෑ එතුමාට එච්චර මොළේ අමාරුවක් තියෙයි කියලා. ජනාධිපතිවරයෙක් වෙලා ඉඳලා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙලා වාඩි වෙලා ඉන්න”.

ප්‍රශ්නය – ඔබතුමා කියන්නේ එතුමා ඉදිරිපත් වෙන්නේ නෑ කියලද?

පිළිතුර – “ඔව් ඉතිං එච්චර එහෙම අමාරුවක් තියෙනවාය කියලා මට තේරුණේ නෑ අන්තිම දවස වෙනකල්. මහින්ද රාජපක්ෂට එහෙම මානසික ආබාධයක් තියෙනවා කියලා. මන්ත්‍රීවරයෙක් වෙන්න. මොකද සියලු වරප්‍රසාද අයින් කළ සෙකියුරිටි කාරයෝ දෙන්නෙක් එක්ක පාරේ යන්න ලෑස්ති කියල දැන් මන්ත්‍රී කියලා. ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න. දැන් මම කැමති යැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී වෙන්න. නෑ නේ. ඒ වගේ තමයි එයත්.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>