03 Jul 2015
මහින්දට සන්ධානයෙන් නාමයෝජනා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදීමට තීරණය කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කර ඇත.
ඒ මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
එහි සදහන් වන්නේ ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායක රැස්වීමේදී වැඩි දුරටත් සාකච්ඡා කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මහමැතිවරණයේදී සන්ධානයෙන් තරඟ කිරීමට නාම යෝජනා ලබාදීමට තීරණය කළ බවයි.
එම මාධ්‍ය නිවේදනය පහතින්…