මහින්දට හෝ කිසිවෙකුට හිරිහැර කිරීමේ අවශ්‍යතාවක් නෑ

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ කිසිවෙකුට හිරිහැර කිරීමේ අවශ්‍යතාවක් තමාට නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (20) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කලේ මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීම ගැන විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පල කිරීමත් සමගයි.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇත්තේ තිස්ස අත්තනායක මහතාට අමාත්‍ය ධුරයක් ලබාදීම පිළිබඳව ප්‍රකාශ ලබාගැනීමට බැවින් එය නීතිවිරෝධී ක්‍රියාවක් නම් උසාවි ගොස් ඊට තහනම් නියෝගයක් ලබාගත හැකි බව හෙතෙම පවසා ඇත.

එසේම තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට බලපෑම් කරන බවට ඇති චෝදනා අග්‍රාමාත්‍යවරයා ප්‍රතික්‍ෂේප කල අතර ඔහු කියා සිටියේ, තමා සිදුකළේ එම කොමිසමේ කටයුතු කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීම බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>