මහින්දව නැති කළේ ඔයා – අගමැති විමල්ට කියයි

null

නව රජයේ ප්‍රථම පාර්ලිමේන්තු රැස්වීම ඊයේ (20) පස්වරුවේ කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.

එහිදී විපක්ෂය වෙනුවෙන් පෙනී සිටි හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා ප්‍රකාශ කර සිටියේ නව රජය දේශපාලන පලිගැනීම් සිදු කරමින් සිටින බවත්, උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බවත් ය.

පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වාරයේදී ඔහු විමල් වීරවංශ මහතාගෙන් අවවාදාත්මක ඉල්ලා සිටියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නැතිකළා සේ මෙම ආණ්ඩුවද නැති නොකරන මෙනි.

එහිදී අගමැතිවරයා වැඩි දුරටත් සඳහන් කලේ “අපි කෙසේ හෝ මූලික ජාතික ප්‍රශ්නවලට විසඳුමක් සොයන්න අවශ්‍යයි. මම පුදුම වුණේ මගේ මිත්‍ර විමල් වීරවංශ මහතා අද කරලා තිබෙන ප්‍රකාශය ගැන. මම එතුමාට එකක් කියන්නම්. ඔබතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැති කළා. ඉතුරු ටිකත් නැති කරන්න එපා. කරුණාකරලා මෙතන තිබෙන ජාතිවාදය අමතක කරලා, අපි බලමු මේ ප්‍රශ්නය කොහොමද විසඳන්නේ කියලා” යනුවෙනි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>