මහින්දානන්දටත් රටින් පිටවීම තහනම්

null

හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදේශ ගතවීම වළක්වන ලෙසට අල්ලස් කොමිසම ආගමන විගමන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අලූත්ගමගේ මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය මාස 03ක කාලයක් සඳහා අතිහිටුවා තිබේ.

හිරු නිව්ස් සඳහන් කරන පරිදි ඔහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනා විභාග කර අවසන් වන තුරු මෙලෙස ගමන් බලපත‍්‍රය අත්හිටුවා ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ප‍්‍රකාශ කර ඇත.

මේ පිළිබඳ මහින්දානන්ද අලූත්ගමගේ මහතාගෙන් නෙත් නිවුස් කල කරුණු විමසීමකදී ඔහු මෙසේ සඳහන් කර තිබේ.

“මම ජනමාධ්‍ය මගින් දැනගත්තා මාගේ විදේශ ගුවන් ගමන් බලපත්‍රය අල්ලස් දුෂණ කොමිෂන් සභාව මගින් මාස 03කට අත්හිටුවා ඇති බව. මීට හේතුව මම දන්නේ නැහැ. මීට වසර දෙකකට පෙර අල්ලස් දුෂණ කොමිෂන් සභාවෙන් මගේ වත්කම් පිළිබද පරීක්ෂණයක් පැවැත්වුවා. පරීක්ෂණ පවත්වලා මට ලිපියක් නිකුත් කළා. ඒ පරීක්ෂණය අවසන් කළා ඒ පිළිබද වැඩිදුර ගෙන යාමට අවශ්‍ය නැහැ කියලා. එවැනි ලිපියක් ලබා දී තිබියදීත් නැවතත් මෙවැනි තීන්දුවක් ගැනීම ගැන මම දන්නේ නැහැ. කැඳවීමක් කළොත් මුහුණ දීමේ කිසිම ගැටළුවක් නැහැ.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>