මහින්ද අදත් ජනපති කොමිසමට

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත බරපතල වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ අද (16) නැවතත් පෙනී සිටී.

එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා ප්‍රකාශ කළේ ඔවුන් අද පෙරවරු 09ට යළි කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නීතීඥයන් ඉදිරිපත් කළ විරෝධතාවක් හේතුවෙන් කොමිසමේ කටයුතු ඊයේ තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ අද උදෑසන එය නැවතත් කැඳවීමේ තීරණය ද සමඟයි.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශ්‍රයේ පිහිටුවා ඇති විමර්ශන කොමිසම හමුවට ඊයේ හිටපු ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ විශාල පිරිසක් එහි රැස්ව කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් විරෝධය දැක්වීය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී රූපවාහිනී නාලිකාවකින් විකාශය වු දැන්වීම් සඳහා ගෙවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොමිසම හමුවට කැඳවා තිබිණ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>