මහින්ද අබේසුන්දර අභාවප්‍රාප්තවෙයි

null

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ මහින්ද අබේසුන්දර මහතා ඊයේ (28) අභාවප‍්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරුව සිටි ඒ මහතා සිය නිවසේදීම අවසන් සුසුම් හෙළා ඇත.

ඉංග්‍රීසි ගුරුවරයකු වු ඔහු ලංකා සමසමාජ පක්ෂයේ ජනදින පත්‍රයෙන් පුවත්පත් කලාවට පිවිසියේය. එමෙන්ම ඔහු දිනමිණ පුවත්පතේ උපදේශක කතෘවරයෙකු ලෙස කටයුතු කරමින් සිට ඇත.

ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශය වන “විමසුම“ ද ඔහු විසින් සටහන් තබන ලද්දකි.

මියයන විට 75 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා මාතර කෝට්ටේගොඩ උපන් අයෙකු වන අතර සිව් දරු පියෙකි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>