මහින්ද අල්ලස් කොමිසමට කැඳෙව්වාට මන්ත්‍රීවරුන් බිම ඉඳගෙන

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලබන 24 වන දා අල්ලස් කොමිසම හමුවට පැමිණවීමට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භය මධ්‍යයට පැමිණ වාඩි වී විරෝධතාවයක් පවත්වා තිබේ.

අද උදෑසන පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැදවීම සම්බන්ධයෙන් උණුසුම් වාද විවාද ඇති වී තිබේ.

එහිදී කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තබන බවට ප්‍රකාශ කර ඇත. එම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පාර්ලිමේන්තු සභා ගර්භය මධ්‍යයට පැමිණ වාඩි වී විරෝධතාවය ආරම්භ කර තිබේ.

මේ අතර, මෙම ගැටළුවට මැදිහත් වන්නැයි ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යවා තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

එමෙන්ම කථානායක චමල් රාජපක්‍ෂ මහතා සහ පාර්ලිමේන්තු සභා ගර්භයේ විරෝධතාවයක නිරත වී සිටින මන්ත‍්‍රීවරුන් අතර සාකච්ඡාවකින් අනතුරුව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරිය පාර්ලිමේන්තුවට කැඳවා ගැටලූව විසඳීමට එකඟතාවයකට එළඹ තිබේ.

එලෙස සභා ගර්භය මැද වාඩිවී සිටින මන්ත්‍රීවරු මෙලෙසය…

දිනේෂ් ගුණවර්ධන
විමල් වීරවංශ
වාසුදේව නානායක්කාර
ඩලස් අලහප්පෙරුම
මහින්දානන්ද අලූත්ගමගේ
ජොන්ස්ටන් ප්‍රනාන්දු
සජින්ද වාස් ගුණවර්ධන
තිස්ස කරලියද්ද
ආර්. දුමින්ද සිල්වා
මාලනී ෆොන්සේකා
උදිත ලොකු බණ්ඩාර
බන්දුල ගුණවර්ධන
ටී.බී. ඒකනායක
වීරකුමාර දිසානායක

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>