මහින්ද ආව එක හොඳයි

null

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම ගැන ස්තූති කරන බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

ඔහු සඳහන් කර ඇත්තේ මෙවර මැතිවරණයේදී සටන් පාඨ නැතිව සිට එක්සත් ජාතික පක්ෂයට එයින් සටන් පාඨ ලැබුණ බවයි.

අද පුවත්පත වාර්තා කරන පරිදි ඔහු වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබේ…

“කවුරු මොනවා කිවුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මම මේ අවස්ථාවේදී ස්තූතියක් කරන්න කැමතියි. මොකද මේ මැතිවරණයේදී සටන් පාඨ නැතිව හිටපු අපිට, දූෂිත එදිරිවාදියෙක් නැතිව හිටපු අපිට, ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ හිටපු දූෂිතම, කුඩුකාර, එතනෝල් ගෙන්වපු, කප්පන් ගත්ත, ලොකුම දූෂිතයව අපට තරගකරුවෙක් විදියට දාලා දුන්නට. මොකද එහෙම වුණේ නැත්නම් අපට සිද්ධවෙනවා අපි පත්කරපු ජනාධිපතිවරයාටම මේ වේදිකාවේ බනින්නට.

පුළුවන්නම් හම්බන්තොටට දාන්නනත් එපා. රත්නපුරයට දාන්නත් එපා. කුරුණෑගලට දාන්නත් එපා. අපි ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ පුළුවන් නම් අනේ පැරදුණ ජනාධිපතිවරයාව ගම්පහ දිස්ත්‍රික්කයට ලබා දෙන්න කියන ඉල්ලීම තමයි මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>