මහින්ද උසාවියේදී හමුවීමට මංගල උනන්දුවෙන්

null

හිටපු ජනාධිපතිවරයා අධිකරණයේදී මුණ ගැසීමට තමන් ඉතා උනන්දුවෙන් සිටින බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ් වත්කම් සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමට සූදානම් බව ද ඔහු සඳහන් කරයි.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී විදේශ අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේ බුද්ධි අංශවලින් ලැබී ඇති වාර්තාවන්ට අනුව රාජපක්ෂ පවුලේ වත්කම ඩොලර් බිලියන 18 ක් බවයි. එම චෝදනාව මගින් තම කීර්තිනාමයට හානි වූ බව පවසමින් රුපියල් කෝටි 100 ක වන්දියක් ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විදේශ අමාත්‍ය මංගල සමරවීර වෙත එන්තරවාසියක් යැවීමට පියවර ගනු ලැබුවේය.

මාතර ප්‍රදේශයේ ඊයේ (16) පැවති රැස්වීමකට සහභාගි වෙමින් මංගල අමාත්‍යවරයා සඳහන් කළේ ඔහු එවා ඇති එන්තරවාසිය මේ වනවිට තමන්ට ලැබී ඇති බවත් එය සතුටින් භාරගත බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>