මහින්ද එනවිට පොළොන්නරුවේ කළු කොඩි ඔසවලා

null

කලින් සුදු කොඩි එසවූ පිරිස් දැන් තමාට එරෙහිව කළු කොඩි ඔසවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (10) හිටපු ජනාධිපතිවරයා පැමිණීමට නියමිතව තිබූ පොළොන්නරුව – ඉසිපතනාරාම විහාරස්ථානය අසල කළු කොඩි එසවීමේ සිද්ධියට ඔහු මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම මෝඩකම් කිරීමෙන් වළකින ලෙස තම ආධාරකරුවන්ට දැනුම් දෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පොළොන්නරුවේ දේශපාලන නායකයින්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.

ඉසිපතනාරාම විහාරස්ථානය අසල පළවූ විරෝධය නිසා එම විහාරස්ථානය ආසන්නයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී හිටපු ජනාධිපතිවරයා ජනතාව ඇමතූ බව හිරු නිව්ස් වාර්තා කරයි.

එමෙන්ම මින්නේරිය – සුමංගලාරාමයේ හිටපු ජනාධිපතිවරයාට සෙත්පතා පැවැත්වීමට නියමිතව තිබූ බෝධි පූජා පිංකමට ද විවිධ බලපෑම් එල්ල වී ඇත.

ප්‍රදේශයේ කළු කොඩි එසවීමේ සූදානමක් පවතින බවට ලද තොරතුරු අනුව විශේෂ පොලිස් ආරක්ෂාවක්ද මෙම ස්ථානයට යොදවා තිබූ බව සඳහන්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>