03 Jul 2015
මහින්ද එන පක්ෂය අද හවස 4ට කියනවලු
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන්නේද නැතහොත් වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වන්නේද යන තීරණය අද (03) පස්වරුවේ ප්‍රකාශ කිරීමට නියමිත බව ප්රමුඛ මාධ්‍ය වාර්තා කරයි.
අද පස්වරු 4.00ට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී අදාළ තීරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධිකාරකවරයා දෙරණ නිව්ස් වෙත සඳහන් කර තිබේ.
නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වෙන එම මාධ්‍ය හමුවට ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සහභාගී වීමට නියමිතය.