මහින්ද ඡන්දෙට එන එක ස්ථිරයි

null

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයට අනිවාර්යයෙන්ම ඉදිරිපත්වීමට තීරණය කළ බව දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරණ බව අද පුවත්පත වාර්තා කරයි.

එහි වැඩි දුරටත් සඳහන් වන්නේ මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් අතර සාකච්ඡා ඊයේ රාත්‍රියේ සහ අද(27) උදැසන පවත්වා ඇති අතර ඉන් අනතුරුව මෙම තීරනයට එලැඹ තිබෙන බවයි.

කෙසේ වෙතත් ඔහු තරඟ කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ද, වෙනත් පක්ෂයකින්දැයි තවම තීරණය කර නැති බව ද වාර්තා වී ඇත.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසන්නේ එළැඹෙන මහ මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වුවහොත් ඔහු පරාජය කිරීමට තමන් සූදානම් බවයි.

ගම්පොල ප‍්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් අග‍්‍රාමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>