මහින්ද ජනපති මැදුරේ පොළොව යට තවත් මාලිගයක් හදලා

null

පසුගිය 22 වන දින පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති මන්දිරයේ පැවැති උත්සවයක දී කොළඹ කොටුව ජනාධිපති මන්දිරය (රජ ගෙදර) හා සම්බන්ධ කොට එම පරිශ‍්‍රයේ පොළොව යට ඉදිකළ අධිසුඛෝපභෝගී මන්දිරයක් ඇති බවට හෙළි කරන ලදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික පරිහරණය පිණිස කොටුව ජනාධිපති මන්දිරයේ භූගත ස්ථානයක මෙම මැදුර තනා තිඛෙන අතර හිටපු ජනපති ධූර කාලය දරන සමයේ නාමල් රාජපක්ෂ සහ ඔහුගේ රගර් ක්‍රීඩා කරන මිතුරන් මෙහි වාසය කර ඇති බවත් යෝගී මධ්‍යස්ථානයක් කාය වර්ධන මධ්‍යස්ථානයක්ද මෙහි ඇති බවත් වාර්තා වේ.

අතිසුඛෝපභෝගී කාමර 6 කට වඩා මෙහි ඇති අතර ඒ සැමටම වෙනම නාන කාමරද ඇත. රැස්වීම් ශාලාවක් සහ හදිසියකදී පිටව යාමට හැකි දොරක්ද පසුපසින් තබා ඇතිමුත් එහි වැඩ තවම ඉවර කර නොමැත.

ගණ කොන්ක්‍රීට් බිත්ති සහිත මෙම මාලිගයේ එක බිත්තියක් අඩි 6ක් පමණ ඝනකම් බවත් පොලොව මතුපිට කොන්ක්‍රීට් පෘෂ්ඨය අඩි 12කින් පමණ ඝණකම් බවත් වාර්තා විය.
මෙහි පොලොව යටට තට්ටු 2ක් ද පොලොව මතුපිට තට්ටු 2ක්ද වෙයි. පොලොව යට අඩි 40ක් පමණ තිඛෙන තට්ටු වෙත යාමට විදුලි සෝපානයක්ද නිමවා ඇත. එහි සිට කොළඹ වරාය දෙසට ඉදිකර තිඛෙන භුගත උමන් මාර්ගයක්ද තිඛෙන අතර එය ඝණ කොන්ක්‍රීට් බිත්ති වලින් සමන්විත බව පැවසේ.

මෙහි සියලූ ගෘහ උපකරණ ඉතාලියෙන් ආනයනය කරනලද ඒවාය. කෙසේ නමුත් අප වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම පොළොව යට මාලිගාව ලෙස අප විසින් හඳුන්වනු ලබන මන්දිරය පොළොව යටට මහල් දෙකකින් ද පොළොවෙන් මතුපිට මහල් 2 කින් ද යුක්තය. එක් මහලක වපසරිය වර්ග අඩි 3000ක් පමණ වන අතර මහල් හතරම වර්ග අඩි 12,000ක් පමණ වේ.මෙම මාලිගාව නිමකිරීම සඳහා වැයවී ඇති මුදල කිසිතැනක සටහන් නොවන අතර ජනාධිපති කාර්යාල නිලධාරීන් තවම ගණන් බලා නැති බවද වාර්තාවේ.

විදුලි සෝපානයක් ද මේ මහල් 4 සම්බන්ධ කර ක‍්‍රියාත්මක වන අතර මුළු ගොඩනැගිල්ලම ස්වයංක‍්‍රීය වායුසමීකරණ පද්ධතියකින් සමන්විතය. එය පැය 24 මුළුල්ලේ නොකඩවා ක‍්‍රියාත්මක වේ.

මේ පිළිබඳව හෙළි කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සඳහන් කලේ තමා ජනාධිපති මන්දිරය සිය නිවස ලෙස යොදා නොගන්නේ මාසයකට එහි විදුලි බිල පමණක් ලක්ෂ 150ක් වන බවත්, පොළොව යට තිබෙන මාලිගාව සඳහා මාසයකට රුපියල් 30 ලක්ෂයක අමතර විදුලි බිලක් ද දරන්නට සිදුව ඇති බවත් ය.

මෙතරම් විශාල වියදමක් දැරීම රටට සිදු කරන අපරාධයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තමා මාසිකව ලක්ෂ පහක පමණ නඩත්තු වියදමක් සහිත නිවසක් පදිංචිය සඳහා තෝරා ගත් බව ද පැවසීය.

මෙම පොලොව යට මාලිගයේ ජායාරුප කිහිපයක් පහත පළවේ…

භූගත මාළිගාවට ඉහළින් ඇති කොටස

null

භූගත මාළිගාවට ඇතුල්වීමට පිවිසෙන මාර්ගය

null

භූගත මාළිගාවට පිවිසෙන දොරටුව

null

මාළිගාව ඇතුලත දර්ශන

null
null
null
null
null
null
null
null
null
null

(Pics – sathhanda)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>