මහින්ද නාමයෝජනාවට අත්සන් තබයි

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවර මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කුරුණෑගලින් තරඟ කිරීම සඳහා නාමයෝජනා පත්‍රයට අද අත්සන් තබා තිබේ.

නාරාහේන්පිට අභයාරාමයේදී අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කර තිබේ.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා සඳහන් කර ඇත්තේ මහින්ද – මෛත්‍රී ස්වර්ණමය යුගය ලබන අගෝස්තු 18 වැනිදායින් පසු ආරම්භ වන බවයි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කොට රට යළි නිසි මඟට ගැනීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>