මහින්ද පැරිස් ප්‍රහාරය ගැන දුක්වෙයි

null

ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය, ත්‍රස්තවාදයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව යළිත් වරක් ලෝකයට පෙන්වාදීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පැරිස් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව හෙළා දකිමින් එරට ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ අදාළ ප්‍රහාර තමා පුදුමයටත් තැති ගැන්මටත් ලක් කළ සිදුවීමක් බවයි.

ත්‍රස්තවාදයේ කුරිරුකම් දන්නේ එය අත්විඳි පුද්ගලයින් පමණක් බවත් අද ප්‍රංශයේ ජනතාව මුහුණදී සිටින තත්ත්වය ශ්‍රීලංකා ජනතාවට හොඳින්ම තේරුම්ගත හැකි බවත් ඔහු එහි සඳහන් කර ඇත.

දශක තුනක් තිස්සේ ශ්‍රීලංකාවට බැටදුන් ත්‍රස්ත උවදුර දැඩිව මර්දනය කිරීමට තමන් ඇතුළු රජය කටයුතු කළේ ත්‍රස්තවාදයට හිස ඉසවීමට කිසිඳු ඉඩක් නොතැබිය යුතු නිසාවෙන් බවත් එනිසාම අද දිනයේ ශ්‍රීලංකාව සාමය අත්විඳින බවත් ඔහු කියා තිබේ.

පැරිස් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් මියගිය පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ශෝකය පළකරන බවත්, තුවාල ලැබූ පිරිස්වලට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රංශ ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>