20 Nov 2015
මහින්ද බරපතල වංචා කොමිසමට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (20) දිනයේද බරපතල වංචා දූෂණ පිළිබඳ විමර්ශනය සිදු කරන ජනාධිපති කොමිසමට පැමිණෙන ලෙස දැනුම්දීමක් සිදුකර තිබේ.
රජයේ රූපවාහිනී නාලිකාවකට මුදල් ගෙවීම පැහැරහැරීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් ලබාගැනීම ඊයේ දිනයට නියම කර තිබුණද එය අද දිනය දක්වා කල්තබා තිබිණි.
අත්‍යාවශ්‍ය ලියකියවිලි කිහිපයක් විත්තිකාර පාර්ශවයට යොමු කිරීම ප්‍රමාද වීම හේතුවෙන් සාක්ෂි විමසීම අද දිනයට කල් දැමීමට තීරණය කෙරුණු බව විමර්ශන කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේය.