මහින්ද බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණෙයි

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණ තිබේ. හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලද මේ වනවිට එම කොමිසම හමුවට පැමිණ ඇති බව වාර්තා වෙයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප්‍රචාරය කරන ලද දැන්වීම් සඳහා මුදල් ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාට අද දිනයේ මෙම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

හිටපු ජනාධිපතිවරයාට අමතරව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද දිනයේදී මෙම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වෙයි.

පසුගිය මස 23 වනදා ද හිටපු ජනාධිපතිවරයාගෙන් මුල්වරට මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසනු ලැබුවේ ජනාධිපති කොමිසමේ නිලධාරීන් කිහිප දෙනෙකු මිරිහානේ පිහිටි ඔහුගේ නිවසට යාමෙන් අනතුරුවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>