මහින්ද බැසිල් බලන්න ගිය හැටි

null

කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද එහි ගොස් තිබේ.

හිටපු ජනාධිපතිවරයා සමඟ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංගද එහි සිට තිබේ.

මූල්‍ය අක්‍රමිකතා චෝදනා යටතේ පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක් වෙත ඇතුළත් කෙරුණේ ඊයේ (23) පස්වරුවේදීයි.

එහිදී බැසිල් රාජපක්ෂ මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමසීමේදී හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ එය පුද්ගලික ගනුදෙනුවක් නොව කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක් බවයි.

දිවිනැඟුම තිබුණේ පුද්ගලික වුවමනාවකට නොව රටේ අවශ්‍යතාවට බවත්,මෙම චෝදනා පැහැදිලිවම දේශපාලන අවශ්‍යතා මත කරනු ලබන පලිගැනීම් බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

null

pics – අද දෙරණ 

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>