මහින්ද මංගලගෙන් කෝටි 100ක් ඉල්ලයි

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුපියල් කෝටි සියයක වන්දි මුදලක් ඉල්ලා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත එන්තර වාසියක් යවා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කීර්තිනාමයට හානී සිදුවන ආකාරයේ අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා කරමින් එලෙස එන්තරවාසියක් යොමුකර තිබේ.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි කොළඹ ඉකුත් දා පැවති මාධ්‍ය හමුවකදී මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සතු මුළු වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 18ක් පමණ වන බවයි.

එම ප්‍රකාශය අසත්‍යය සහ ද්වේශ සහගත ප්‍රකාශයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නීතීඥ අතුල ප්‍රියදර්ශන ද සිල්වා මහතා පවසයි. අදාළ ප්‍රකාශ තම සේවාදායකයා හට අපහාස කිරීමේ සහ අපකීර්තියක් ඇති කිරීමේ අරමුණින් සිදුකර ඇති බවද හෙතෙම පෙන්වාදෙයි.

ඒ අනුව සිය සේවාදායකයා වෙනුවෙන් තමන් අදාළ එන්තරවාසිය මංගල සමරවීර මහතා වෙත යොමුකළ බව නීතිඥ අතුල ප්‍රියදර්ශන ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>