මහින්ද – මෛත්‍රී එකතු කිරීමේ කමිටුව අද මහින්ද හමුවෙයි

null

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිවරයා අතර සම්බන්ධීකරණය සඳහා පත්කළ කමිටුව අද දිනයේ මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ.

පෙරවරු 10.00ට අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 06දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව පත්කරන ලදී.

දෙරණ පුවත් වාර්තා කරන පරිදි එම කමිටුව පළමුව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වූ අතර එහිදී පැමිණි එකඟතා පිළිබඳව හිටපු ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අද දිනයේ බලාපොරොත්තු වන බව එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>