මහින්ද – මෛත්‍රී එක්කරන කමිටුවක්

null

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් හිටපු ජනාධිපතිවරයා සහ වර්තමාන ජනාධිපතිවරයා අතර සුහදතාව වර්ධනය කරගැනීම සඳහා මන්ත්‍රීවරුන් 6 කගෙන් යුත් කමිටුවක් පසුගියදා පත් කෙරුණා.

ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ය. ඊට සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනෙවිරත්න, නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, කුමාර වෙල්ගම, ටී.බී. ඒකනායක සහ ඩිලාන් පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළත්.

මෙම කමිටුව අද (18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතයි.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි පෙරේදා රාත්‍රියේ රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති එම කමිටුව හිටපු ජනාධිපතිවරයා සහ වර්තමාන ජනාධිපතිවරයා අතර සුහදතාව වර්ධනය කිරීම සඳහා ඇති බාධා සහ ඊට හේතුවන කරුණු පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡාකර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>