මහින්ද යළි ගේන්න එජාපයේ සහය

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත ක්‍රියාකාරී දේශපාලනයට ගෙන ඒමේ ක්‍රියාවලිය පිටුපස එක්සත් ජාතික පක්ෂය සිටින බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේවන විට මැදමුලනෙන් දේශපාලන කටයුතු ආරම්භ කර ඇති බවත්, මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයට ගෙන ඒමේදී එක්සත් ජාතික පක්ෂය ඔහු පිටිපස සිටින බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

දින 100 පොරොන්දු ඉටුනොකර මැතිවරණයකට යාමට හදිස්සියක් නැති බවත්, පවත්නා වාතාවරණය යටතේ මැතිවරණයකට යාම එක්සත් ජාතික පක්ෂයට වාසිදායක බවත් හෙතෙම පෙන්වා දී තිබේ.

මේ අතර කැබිනට් මණ්ඩලය ගනු ලබන තීරණ වලට අනූව පහත සඳහන් ඒවාට අනුමැතිය හිමිවී තිබේ…

  • රාජ්‍ය වෙසක් උත්සවය මෙවර මහියංගණයේ පැවැත්වීමට
  • අමු තේ දළු කිලෝවක් සඳහා රුපියල් 80ක සහතික මිලක් ලබාදීමට
  • ජාතීන් අතර වාර්ගික ගැටුම් ඇති නොවන පරිදි සාමය හා සහජීවනය පවත්වාගෙන යා හැකි පරිදි ඊට එරෙහිව කටයුතු කරන පුද්ගලයින්ට දඬුවම් පැමිණවීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන ගෙන ඒමට
  • රබර් සඳහා සහතික මිලක් ලබාදීමට
  • දූෂණ විරෝධි කමිටු කාර්යාලය සඳහා විශ්‍රාමික පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බඳවා ගැනීමට

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>