මහින්ද යළි බරපතල වංචා සෙවීමේ කොමිසමට

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහා පරිමාණ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවට මේ මස 15 වනදා නැවතත් කැඳවා තිබේ.

ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිණියෙන් විකාශනය වූ හිටපු ජනාධිපතිවරයාගේ දැන්වීම් සඳහා අයවිය යුතු රුපියල් මිලියන 200 කට අධික මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායී.

මීට පෙරද හිටපු ජනාධිපතිවරයාගෙන් අදාළ කොමිසම ප‍්‍රකාශයක් සටහන් කරගන්නා ලදී. එ් මිරිහානේ පිහිටි ඔහුගේ නිවසේදීයි.

එම ප‍්‍රකාශය ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තම මැතිවරණ දැන්වීම් සඳහා මුදල් ගෙවීම් සිදුකළේ නිදහස් සන්ධානය විසින් බවයි.

පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් මහතාගෙන්ද පෙරේදා දිනයේ මහා පරිමාණ වංචා හා දූෂණ සම්බන්ධ ජනාධිපති කොමිසම ප‍්‍රකාශයක් සටහන් කර තිබේ.

එහිදී සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා ලබාදුන් ප‍්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ කොමිසම හමුවට කැඳවා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>