මහින්ද රන් ත්‍රිශූලයක ගැටගසා බාරයක් වෙයි

null

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන 8.12ට යෙදුණු නැකතට කතරගම මහා දේවාලයට රනින් නිම කළ අඟල් හයක් උසැති ත්‍රිශූලයක රිදී පඬුරක් ගැට ගසා භාරයක් ඔප්පු කළ බව ලංකාදීප පුවත් වාර්තා කරයි.

දුටු ගැමුණු රජතුමා යුද බිමට යෑමට පෙර මෙවැනි භාරයක් ඔප්පු කළ බව ජනප්‍රවාදයේ සඳහන්ය. ඒ අනුව මෙම භාරයේ විශේෂත්වයක් තිබිය හැකි බව බොහෝ දෙනෙක් පවසයි.

බොහෝවිට හිටපු ජනපති යළි දේශපාලන පිවිසීමේ අදහසක් එහි තිබිය හැකි බව ඇතැමුන් ප්‍රකාශ කරයි.

එහිදී අසූ හාර දහසේ පහන් පින්කමකට හා කිරිවෙහෙරේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයකට සහභාගී වීමට ඔහු ද, ඔහුගේ බිරිය ශිරන්ති, දරුවන් වන නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, බස්නායක නිළමේ හා ඥාති පුත්‍ර ශෂීන්ද්‍ර රාජපක්ෂ, උදය ගම්මන්පිල හා ගාමිණී ලොකුගේ මහත්වරු ද පැමිණ සිටියහ.

null
null
null

pics – ලංකාදීප

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>