මහින්ද විපක්ෂ නායක ගැන කියපු කතාව

null

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතර කැමැත්ත ඇති පුද්ගලයෙකු විපක්ෂ නායකවරයා කල යුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නාරාහේන්පිට – අභයාරාමයේදී හිටපු ජනාධිපතිවරයා ඊයේ (09) වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් හමුවූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර තිබේ.

අද පුවත් වාර්තා කරන පරිදි එහිදී හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් මෙසේ සඳහන් කර ඇත…

“විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් දැන් ගැටලුවක් නැහැ කියලයි මම හිතන්නේ. විපක්ෂ නායකවරයා තෝරන්නේ විපක්ෂයේ කණ්ඩායමෙන්. වැඩිදෙනෙකුගේ කැමැත්තට තෝරන්න කියලා කතානායකතුමා තීන්දුවක් දීලා තියෙනවා. එම තීන්දුව දීල තියෙන්නේ මීට ඉස්සෙල්ලා තිබුණු පූර්වාදර්ශයක් අනුවයි. ගාමිණී දිසානායකයි, රනිලුයි ඉල්ලපු වෙලාවේ රහස් ඡන්දයක් තියලා විපක්ෂ නායක තෝරාගන්න විපක්ෂයට බාර දුන්නා. ඒ වෙලාවේ ගාමිණීට ඒක හිමිවුණේ. ඒ විදිහටම තමයි මෙතනදිත් කරන්න තියෙන්නේ. වැඩිදෙනෙක් කැමැත්ත තියෙන කෙනාට විපක්ෂනායකම දෙන්න කියන පදනම සන්ධානයේ මහලේකම්ට භාරදීලා තියෙනවා. ඔහු තීන්දුවක් ගන්න ඕන වැඩිදෙනෙක් කැමති කාටද කියලා.

මම හිතන්නේ නිමල් සිරිපාල විපක්ෂනායකතුමන් ඒක අවබෝධ කරගෙන තියෙනවා. වැඩිදෙනාගේ මනාපය කාටද එයා විපක්ෂ නායක වෙන්න ඕන. වැඩිදෙනා අකමැති කෙනෙක් විපක්ෂනායක කරන්නෑනේ. හැබැයි වැඩිදෙනා අකමැති කෙනෙක් අගමැති කරන්න පුළුවන්”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>