මහින්ද වෙනුවෙන් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ රැය ගතකල හැටි

null

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීමට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිටිමින් ඊයේ (20) ආරම්භ කළ උපවාසය තවදුරටත් ක්‍රියාත්මකයි.

එම මන්ත්‍රීවරුන් ඊයේ (20) රාත්‍රිය ගත කර තිබෙන්නේ ද පාර්ලිමේන්තුව තුලයි. මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද වේ.

ඔවුන්ගෙන් ඇතැමෙක් සභාගැබේ නිදාගත් අතර පාර්ලිමේන්තුවේ වෛද්‍යවරු ද හදිසි අවශ්‍යතා සඳහා කැඳවා තිබු බව වාර්තා වේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවීමට විරෝධය පළ කරමින් සකස් කර ඇති ලිපියට අත්සන් තබා ඇති මන්ත‍්‍රීවරුන් ගණන 114 දක්වා ඉහල ගොස් තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් බහුතරයක සහය මේ වන විට ඒ සඳහා ලැබී ඇති බවයි විරෝධතාවයේ නිරත මන්ත‍්‍රීවරුන් පවසයි.

එම ලිපිය සහ අත්සන් කළ මන්ත්‍රීවරුන්ගේ අත්සන් පත්‍රිකාවද පහතින් දැක්වෙයි…

null
null

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුල රැය ගතකල අයුරු…

null
null
null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>