මහින්ද සමග නැගිටිමු රැලිය අද මාතරදී

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස බල කරමින් ‘මහින්ද සමග නැගිටිමු’ ජන රැලිය මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී අද (12දා) සවස 3.00 ට පැවැත්වීමට නියමිතය.

අද පුවත්පත වාර්තා කරන පරිදි මෙම ජන රැලි මාලාවට සහභාගී වූ වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජනයට අමතරව පළාත් සභා මන්ත්‍රීවරුන් 150 ක් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් 300කට වඩා මාතර රැලියට සහභාගී වන බව බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය දක්වන පක්ෂ වන මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය යන දේශපාලන පක්ෂ එක්ව සංවිධානය කරන මෙම රැලියට තමා සමග බස්නාහිර පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරුන් 40කට වඩා සහභාගී වන බවද හෙතෙම පවසා තිබේ.

මේ අතර මාතර අද (12) පැවැත්වෙන රැළියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිදු මැදිහත්වීමක් නොමැති බව සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>