මහින්ද සමග රට දිනවන රැලිය අද

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස මහ මැතිවරණයේදී ඉදිරිපත් කළ යුතු යෑයි සඳහන් කරමින් පැවැත්වෙන රැලිය අද (18) නුගේගොඩදී පැවැත්වේ.

පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර ඇත්තේ නුගේගොඩ දී අද පැවැත්වෙන “මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම් ද” රැළිය සඳහා ඉතාමත් හොඳ මහජන ප්‍රතිචාරයක්‌ ලැබෙමින් පවතින බව ය.

මෙම රැලිය සඳහා ශ්‍රීලනිපයේ හිටපු මැති ඇමැතිවරුන්, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් මෙන්ම බස්‌නාහිර පළාතේ ප්‍රාදේශීය සභා 70 ක සභාපතිවරුන් මෙන්ම උප සභාපතිවරුන් සහභාගිවීමට නියමිත බව හෙතෙම කියා සිටියේය.

කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ තවත් මැති ඇමැතිවරුන් පිරිසක් මෙයට සහභාගී නොවීමද විශේෂත්වයකි. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (17) මාධ්‍ය හමුවකදී කියා සිටියේ අදාළ රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුදැනුම සහිතව පවත්වන්නක් නොවන හෙයින් ඊට සහභාගි නොවීමට පක්ෂය තීරණය කළ බව යි.

ඒ පිළිබඳව කල විමසුමේදී ගම්මන්පිල මහතා ප්‍රකාශ කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂට ඡන්දය ලබාදුන් ලක්‍ෂ 58 න් කෙනෙක්‌ නම් ඒ සියලු දෙනාටම තමන් මේ රැලියට ආරාධනා කළ බවයි.

ශ්‍රීලනිප සභාපතිවරයා නම් මහින්ද රාජපක්‍ෂට ඡන්දය ලබා නොදුන් බව පැහැදිලි යෑයි හෙතෙම සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>