මහින්ද සහ මෛත්‍රී අතර හමුවක්

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ලබන මැයි මස පළමුවැනිදාට පෙර සිදුවීමට නියමිත බව හිරු නිව්ස් වාර්තා කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් මෙම හමුව සඳහා මැදිහත්කරුවන් ලෙස කටයුතු කරන අතර ඊයේ රාත්‍රියේ මීට අදාළව සාකච්ඡාවක් පවත්වා මෙම හමුව පිළිබඳව හිටපු ජනාධිපතිවරයාගේ සහ වත්මන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර තිබේ.

මේ වනවිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම හමුව සඳහා එකඟතාවය පළ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකා රජය සක්‍රීයව ඉදිරියට ගමන් කිරීමට නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා එකට අත්වැල් බැඳගත යුතුව ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

New Indian Express පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් හෙතම මේ බව ප්‍රකාශ කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>