මහින්ද හෙට ජනපති කොමිසමට

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හෙට පෙරවරු 9.00ට මහා පරිමාණ වංචා විමර්ශන ජනාධිපති කොමිසමට පෙනීසිටින ලෙස කැඳවීමක් කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය රූපවාහිණී නාලිකාවක ප්‍රචාරය කරන ලද දැන්වීම් සඳහා මුදල් ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා මෙම කොමිසම වෙත කැඳවා ඇති බව සඳහන්ය.

මීට පෙර මහා පරිමාණ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින් හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගොස් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි.

කෙසේවෙතත් හෙට දිනයේ සිය කොමිසම වෙත පැමිණෙන බවට මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බව ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>