මහින්ද ෆේස්බුක් ඔස්සේ ප්‍රශ්න වලට උත්තරදෙයි

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කරන ලදී.

එහිදී මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රශ්න 3000කට වඩා වැඩි ගණනක් ඉදිරිපත්ව තිබූ අතර බොහෝ පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගෙන් පැරණි වැරදි ගැනද ප්‍රශ්න අසා තිබුණි. ඒවායින් බොහෝමයකට ඔහු විසින් පිළිතුරුදී තිබූ අතර ෆේස්බුක් ලයික් යොදා 20,000කට අධික පිරිසක් මෙම වැඩසටහනට කැමැත්ත ප්‍රකාශ කර තිබිණ.

එහිදී ෆේස්බුක් රසිකයකුගේ ගැටලුවකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා තිබුනේ අතීතයේ කළ වැරදි මේවනවිට වටහාගනිමින් සිටින බවය.

ඒ සම්බන්ධව ඇතිවූ සංවාදයේදී මර්වින් සිල්වා විසින් සමෘද්ධි නිලධාරියෙකු ගස් බැඳීමත්, මහනායක හාමුදුරුවන් විරුද්ධ වෙද්දී දළදා මාලිගය ඉදිරිපිට රේස් පදිද්දී නිහඬව සිටියේ ඇයි දැයි යනුවෙන් විමසා තිබුණි. එයට පිළිතුරු ලබාදුන් මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුනේ එම වැරදි වටහාගනිමින් සිටින බවත් ඒවා ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බවත්ය.

එමෙන්ම තවත් පැනයක් වූයේ ශ්‍රීලනිපයේ වෙනත් ජ්‍යෙෂ්ඨයකුට අවස්ථාවක් නොදී මහින්ද රාජපක්ෂ යළි අගමැතිවීමට පැමිණීම මත පක්ෂය දෙකට බෙදීමක් සිදුවේද යන්නයි. බහුතර පාක්ෂිකයන්ගේ ඉල්ලීම මත එම තීරණයට පැමිණි බවත්, කිසිසේත් පක්ෂය දෙකඩ නොවන බවත්, එයට පිළිතුරු ලෙස මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබිණ.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>