මහියංගණයේ ඇගලුම් සේවිකාව ඝාතනයේ තරුණයා පෙම්වතිය එක්ක වස බීලා

null

මහියංගනය – ගැමුණුපුර ඇඟළුම් කම්හලක සේවිකාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු සහ ඔහුගේ 15 හැවිරිදි පෙම්වතිය වස පානය කර තිබේ.

ඒ මහියංගනය, සෙනසුන්ගල පර්වතය මුදුනේ සැකකරු සිටින බවට ලැබුණු තොරතුරක් මත ඔහුව අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී ය.

සැකකරු එම ස්ථානයේ සිටින බවට ලැබුණු තොරතුරක් මත ඔහුව අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන් ඉදිරිපිට අදාළ සැකකරු සහ ඔහුගේ පෙම්වතිය වස පානය කර තිබෙන බව වාර්තා වෙයි.

පසුගිය පළමුවැනිදා 8 වැනි වියේ පසු වූ රම්‍යා විදර්ශනී නැමැති ඇඟළුම් කම්හල් සේවිකාව සිය නිවස කරා යමින් සිටියදී අදාළ සැකකරු විසින් අපයෝජනයට ලක්කර ඝාතනය කර තිබුණි.

මේ සම්බන්ධයෙන් සැකපිට පොලිසිය විසින් සොයමින් සිටිය දී වස පානය කර ඇති සැකකරුගේ වයස අවුරුදු 18ක්. ඔහු සමග වස පානය කර සිටියදී සොයා ගෙන ඇත්තේ 15 හැවිරිදි සිසුවියක් බව පොලිසිය පවසයි.

ඔවුන් දෙදෙනාම වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මහියංගනය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>