16 Sep 2015
මහේල එංගලන්ත කණ්ඩායමට එක්වෙයි
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එංගලන්ත ක්රිකට් කණ්ඩායමේ පිතිකරු අංශයේ විශේෂඥ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.
ඒ අනුව පකිස්ථානයට එරෙහිව ලබන මස ඩුබායි හිදී ආරම්භ වන ක්රිකට් තරගාවලියට සහ 2016 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සදහා මහේල එම තනතුරේ සේවය කරනු ඇති.
පෝල් කොලින්වුඞ්ද එම තරගාවලි දෙක සඳහා එංගලන්ත කණ්ඩායමේ විශේෂඥ පුහුණුකරුවෙකු ලෙස නම්කර තිබේ.
මහේල ජයවර්ධන සමග එංගලන්ත ක්රිකට් බලධාරීන් මීට පෙර මේ සම්බන්ධයෙන් සාකච්ඡාකර තිබුණි. ඒ අනුව එංගලන්ත කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ටේරවර් බේලිස් සහ සහය පුහුණුකරු පෝල් ෆාබ්රේස්ගේ මැදිහත්වීමෙන් මහේල ජයවර්ධන එංගලන්ත කණ්ඩායම සමග එක්ව තිබේ.