මහේල – මුරලි පරදා සංගා දිනයි

null

ක්‍රිකට් ක්‍රීඩාව ඇමරිකාවේ ජනප්‍රිය කරලීම උදෙසා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගි වන තරඟ තුනකින් සමන්විත ක්‍රිකට් ඕල් ස්ටාර්ස් පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය ඊයේ (07) නිව්යෝර්ක් නුවරදී ආරම්භවීය.

කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන 20 – 20 තරගාවලියේ නායකත්වය දරනු ලබන්නේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපළක් වන සචින් ටෙන්ඩුල්කාර් සහ ෂේන් වෝන් විසින්.

ඊයේ පැවැති පළමු තරගයෙන් සචින්ගේ බ්ලාස්ටර්ස් කණ්ඩායම පරදා වෝන්ගේ වොරියර්ස් කණ්ඩායම ජයග්‍රහණය කළේය.

සචින්ගේ කණ්ඩායමට ශ්‍රී ලංකාවේ මුරලි හා මහේල ක්‍රීඩා කළ අතර වෝන්ගේ කණ්ඩාමට සංගා ක්‍රීඩා කළේය. මුලින්ම පන්දුවට පහරදුන් සචින්ගේ කණඩායම ලකුණු 140ක් රැස්කළ අතර එහිදි මහේල ලකුණු 18ක් රැස්කළේය. මුරලි නොදැවී ලකුණු 2ක් රැස්කළේය. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ශෙවාග් ලකුණු 55ක් රැස්කළේ පන්දු 22කිනි.

ලකුණු 141ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි වෝන්ගේ කණ්ඩායම පන්දුවාර 17.2 කදී කඩුලු හතරක් පමණක් වැයකර එම ඉලක්කය පසුකර ගියේය. සංගා ලකුණු 41ක් රැස්කළේ පන්දු 29කින්. ඔහු මහේල ජයවර්ධනට උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්විය.මුරලි එක් කඩුල්ලක් දවා ගත්තේය.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>