මහ දවල් තරුණියකගේ මාලේ කඩාගන්නා අයුරු – Video

null

මහරගම මහල්අරාව ප‍්‍රදේශයේ පාරකදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයාවකගේ මාලයක් කඩාගත් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබේ.

විවිධ ප්‍රදේශ වලින් යතුරු පැදි සොරාගන්නා ඔවුන් මාල කඩා ගැනීමෙන් පසුව යතුරුපැදියද ඒ අසල අතහැර දමා යන අතර ඊළඟ කොල්ලයට වෙනත් යතුරුපැදියක් සොරකම් කරන බවත් කහතුඩුව පොලිසිය පවසයි.

බස්නාහිර පළාතේ පොලිස්වසම් හයකින් මෙලෙස මොවුන් යතුරුපැදි සොරාගෙන රන්මාල කොල්ලකෑම සිදු කර තිබේ.

පොල්ගස්ඕවිටදී මොවුන්ව අත්අඩංගුව ගත් පොලිසිය එම මාල මිලට ගෙන උණුකර රන් විකිණූ බව කියන බණ්ඩාරගම, අටුළුගම ව්‍යාපාරිකයකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දෙදෙනා විසින් කඩන ලදැයි කියන මාල 32 ක් ගැන පොලිසියට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි.

මොවුන් මාලය කොල්ලකන අයුරු සී.සී.ටී.වී. කැමරාවට හසුවූ අයුරු පහතින් බලන්න…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>